මාලදිවයිනේ නව විදේශ අමාත්‍යවරයාට චීන විදේශ අමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2023-11-28 09:55:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මාලදිවයිනේ විදේශ ඇමති ධූරයට අලුතෙන් පත්ව සිටින Moosa Zameer මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

චීනය හා මාලදිවයින මිත්‍රශීලි අසල්වැසි රටවල් වේ. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමෙන් පසුව දෙරට අන්‍යෝන්‍ය ගරුත්වයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව ඇසුරු කරමින් එකිනෙකාගේ කේන්ද්‍රීය වාසී හා වැදගත් කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ස්ථිර සහාය ලබා දී තිබෙන බව වං යී මහතාගේ සුබ පැතුම් පණිඩිවය සඳහන් කරයි. Moosa Zameer මහතා සමග එක්ව සාම්ප්‍රදායික මිතුදම උරුම කර ගෙන දෙරටේ නායකයින්ගේ වැදගත් එකඟතා මනා ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ දැරීමට කැමති බව ඔහු පවසයි. අනාගතයට මුහුණ පාන චීන-මාලදිවයින අංගසම්පූර්ණ මිත්‍රශීලි සහයෝගතා හවුල්කාරීත්වය නව තලයකට නංවාලීම  සඳහා  අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කරමින් ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීමට Moosa Zameer මහතා සමග කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම