ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි නිකුත් කෙරේ
2023-11-28 14:35:19
Share with:

විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි නිකුත් කෙරේ

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එය නිකුත් කර තිබේ.

2024 වසරේ මාර්තු මස 31වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.

2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියමු වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම