චීනයේ පළමු ඉහළ කක්ෂයේ චන්ද්‍රිකා අන්තර්ජාලය ස්ථාපිත කෙරේ
2023-11-28 10:17:07
Share with:

චීනයේ සමස්ත භූමිය හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ රටවල වැදගත් ප්‍රදේශ ආවරණය කෙරෙන පළමු ඉහළ කක්ෂයේ චන්ද්‍රිකා අන්තර්ජාලය මූලික වශයෙන් ස්ථාපිත කෙරේ.

චීන අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණ සමූහයේ චීන චන්ද්‍රිකා සන්නිවේදන සමාගම මෑත වසර කිහිපය තුළ China Sat 16, China Sat 19 හා China Sat 26 යන අධි කාර්යක්‍ෂම සන්නිවේදන චන්ද්‍රිකා සාර්ථකව ගුවන්ගත කර ඇත. ඉන් පසු එම සමාගම මූලික වශයෙන් චීනයේ හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල වැදගත් ප්‍රදේශ ආවරණය කරන ප්‍රථම ඉහළ කක්ෂයේ චන්ද්‍රිකා අන්තර්ජාලය ස්ථාපිත කර තිබේ.

චීනයේ 14 වැනි පස් අවුරුදු සැලැස්මේ අවසාන භාගය වනවිට අධි කාර්යක්‍ෂම සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල ගුවන්, නාවික හා බලශක්ති යනාදී කර්මාන්ත හා සාමාන්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් විශේෂ ජාල සන්නිවේදන සහ චන්ද්‍රිකා අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම