හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව පිහිටුවීමට අදාළ කොන්ත්‍රාත්තුව චීනයේ SINOPEC සමාගමට
2023-11-28 14:49:50
Share with:

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළ කොන්ත්‍රාත්තුව චීනයේ SINOPEC සමාගමට  පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එම පිරිපහදුව සඳහා සමස්ත ආයෝජන මුදල ඇමරිකා ඩොලර් බිලියන 4.5කි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම