විදේශ කටයුතු පිළිබඳ නීතිමය සංවර්ධනය තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2023-11-28 15:31:42
Share with:

විදේශ කටයුතු පිළිබඳ නීතිමය සංවර්ධනය තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ඊයේ(27) සවස පැවති විදේශ කටයුතු සම්බන්ධ නීතිමය සංවර්ධනය තහවුරු කිරීමේ 10වැනි සමූහ අධ්‍ය‍යනයේ මුලසුන දරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් ෂී ජින්පිං මහතා ඒ බව සඳහන් කළේ ය.

හෙතෙම එහිදී පැවසුවේ විදේශ කටයුතු පිළිබඳ නීතිමය සංවර්ධනය, චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය ඔස්සේ චීනය බලවත් රටක් ලෙස ගොඩනැංවීමට දිගු කාලීනව අවශ්‍ය වන බවයි. අධිගුණාත්මක විවෘතභාවය තහවුරු කිරීමේදී මෙන් ම බාහිර අභියෝගයන්ට මුහුණ දීමේදී ද එය අත්‍යවශ්‍යය. ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ද අධිගුණත්මක සංවර්ධනය හා විවෘතභාවයට සරිලන විදේශ කටයුතු පිළිබඳ නීතිමය පද්ධතිය හා ශක්‍යතාවන් ගොඩනැංවිය යුතු බවට ද ෂී ජින්පිං මහතා එහිදී උපදෙස් දුන්නේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම