චීන උප අගමැතිවරයා කසකස්ථානයේ සංචාරයක නිරත වෙයි
2023-11-28 10:23:06
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික හා චීන උප අගමැති ඩිං ශුයිෂියාන්ග් මහතා පසුගිය 26,27 දෙදින කසකස්ථාන් සංචාරයකට එක් විය. එහිදී හෙතෙම එරට ජනපති හා අගමැතිවරයා හමු වී තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා මෙම වසර තුළ දෙවතාවක් හමුවී ඇති අතර, දෙරටේ ස්ථීර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම සඳහා නව එකඟතාවයකට පැමිණි බව එම හමුවීම්වලදී, ඩිං ශුයිෂියාන්ග් මහතා පැවසීය. කසකස්ථානය සමඟ, නායකයන්ගේ එකඟතා ක්‍රියාවට නැංවීමෙන් ස්ථිර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු කියා සිටියේය.  ද්විපාර්ශ්වික සහයෝගීතාවයට ශක්තිමත් පදනමක්, විශාල විභවයක් සහ පුළුල් අපේක්ෂාවන් ඇති බව ඩිං ශුයිෂියාන්ග් මහතා පෙන්වා දී ඇත.

දෙරටේ සබඳතාව ගැඹුරු මිත්‍රත්වය සහ දැඩි අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වීමක් බව කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සහ කසකස්ථාන අගමැති Alikhan Smailov මහතා එම හමුවීම්වලදී පවසා ඇත. එකම චීනය ප්‍රතිපත්තිය කසකස්ථානය ස්ථීර ලෙස අනුගමනය කරන අතර, චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.

ඊයේ (27), ඩිං ශුයිෂියාන්ග් මහතා සහ කසකස්ථාන පළමු නියෝජ්‍ය අගමැති Roman Sklyar මහතාගේ ප්‍රධානත්වයෙන් චීන-කසකස්ථාන සහයෝගිතා කමිටුවේ 11 වන රැස්වීම පැවැත්විණ. දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාවල ප්‍රගතීන් එහිදී තහවුරු කෙරුණු අතර, ඊළඟ අදියරේ සහයෝගීතාවය පිළිබඳ සැලස්ම එහිදී සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම