සටන් විරාමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසට චීනය මියන්මාරයේ ගැටුම්වලට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි
2023-11-28 16:22:20
Share with:

චීන-මියන්මාර දේශසීමා ප්‍රදේශවල සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සටන් විරාමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස චීනය මියන්මාරයේ අදාළ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

උතුරු මියන්මාරයේ ගැටුම්කාරී තත්ත්වය කෙරෙහි චීනය ඉහළ අවධානය යොමු කරන අතර සංවාද හා සාකච්ඡා මගින් සාමකාමීව ගැටුම් විසඳා ගෙන ගැටුම්කාරී තත්ත්වය උග්‍ර වීම වළක්වන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටින බව Wang Wenbin මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම