2023 වසරේ යෝධ පැන්ඩා Basi සාම සහ මිත්‍රත්ව සංසදය චීනයේ දී
2023-11-28 19:58:25
Share with:

2023 වසරේ යෝධ පැන්ඩා Basi සාම සහ මිත්‍රත්ව සංසදය අද (28) චීනයේ Sichuan පළාතේ Dujiangyan නගරයේ දී පැවැත්විණ. එම සංසදය ජාත්‍යන්තර මිත්‍ර සම්බන්ධතා සඳහා වූ චීන සංගමය සහ චීන මාධ්‍ය සමූහයේ සම අනුග්‍රහකත්වයෙන් පැවැත්විණ.

ශ්‍රී ලංකාව, ඇමරිකාව, ඉතාලිය, බෙල්ජියම ඇතුළු  රටවල මිත්‍රශීලී පුද්ගලයින්, විද්වතුන් සහ අදාළ ආයතනවල නියෝජිතයින් ඇතුළු 200 ක පමණ පිරිසක් මෙම සංසදයට සහභාගී වූහ. චීන මාධ්‍ය සමූහයේ යෝධ පැන්ඩා Basi රූපකරණ ව්‍යාපෘතිය ද එම සංසදයේදී දියත් කෙරිණ.

යෝධ පැන්ඩා Basi වසර 33ක් චීනයේ Fuzhou නගරයේ ජීවත් වී 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී  මියගියේ  ලොව වයස්ගතම පැන්ඩා ලෙසිනි. යෝධ පැන්ඩා Basi ට 1987 වසරේදී ඇමරිකාවට පැමිණීමට ආරාධනා ලැබුණු අතර එම පැන්ඩාව චීනය සහ විදේශ රටවල් අතර මානව හුවමාරුවලදී “සාම දූතයා” බවටද පත්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම