කලාපීය සහ ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය, ජපානය සහ දකුණු කොරියාව වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතු බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
2023-11-27 10:43:04
Share with:

ශතවර්ෂයකින් නොදුටු වෙනස්කම්වලට සහ ලෝක ආර්ථිකයේ   මන්දගාමී ප්‍රකෘතියට මුහුණදෙමින්  කලාපීය සහ ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය, ජපානය සහ දකුණු කොරියාව වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි.

දකුණු කොරියාවේ බුසාන් හි චීන, ජපාන සහ දකුණු කොරියා  ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගීවෙමින් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ  සාමාජික හා විදේශ අමාත්‍ය  වන්ග් යී මහතා මේ බව සදහන් කළේය .

චීන ,ජපාන,දකුණු කොරියාන සහයෝගීතාව ඉහළම ආයතනිකකරණය,  පුළුල්ම ආවරණය සහ නැගෙනහිර ආසියාවේ පොහොසත්ම අර්ථය සහිත  බහුපාර්ශ්වික සහයෝගීතා රාමුව බවට පත්ව තිබේ.

එය රටවල් තුනේ සංවර්ධනයට ඵලදායී ලෙස දායකවී ඇති අතර , ජනතාවට  ඉන් ප්‍රතිලාභ හිමිව  ඇති බවද හෙතෙම කීය.තම අසල්වැසියන් සමඟ මිත්‍රත්වය සහ හවුල්කාරිත්වය ගොඩනැගීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන චීනය,  ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව නැවත නිසි මාර්ගයට ගෙන එමින් තිරසර  සංවර්ධනයක් පවත්වා ගැනීමට සහ කලාපීය හා ලෝක සාමය මෙන්ම සමෘද්ධිය සඳහා නව දායකත්වයක් ලබා දීමට දකුණු කොරියාව සහ ජපානය සමඟ අඛණ්ඩව කටයුතු  කරනු ඇත.

එකිනෙකාගේ සංවර්ධන මාවතට සහ මූලික අවශ්‍යතාවලට ගරු කිරීම, සංවේදී ගැටලු නිසි ලෙස හැසිරවීම සහ මනා  ද්වීපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම ප්‍රමුක කරුණුය.

එම රැසවීමේ දී අදහස් දැක්වූ ජපාන හා දකුණු කොරියා විදේශ ඇමතිවරු චීන , ජපාන-දකුණු කොරියා සහයෝගීතාවයේ ප්‍රගතිය ගැන  ඉහළින් අගය කළහ. රටවල් තුන වෙන් කළ එකිනෙකාගෙන් නොහැකි අසල්වැසියන් බවත් ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවයට විශාල වැදගත්කමක් සහ විශාල විභවයක් ඇති බවත් ඔවුහූ ප්‍රකාශ කළහ.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම