හමාස් සහ ඊශ්‍රායලය වෙන් වෙන් ව තුන්වන රැඳවියන් කණ්ඩායම නිදහස් කරයි
2023-11-27 11:22:58
Share with:

පලස්තීනයේ හමාස් සංවිධානය යටත් ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක් වන Al-Qassam බ්‍රිගේඩය ඊයේ(26) ප්‍රකාශ කළේ, ඔවුන් තුන්වැනි රැඳවියන් කණ්ඩායම එදින නිදහස් කළ බවයි. එම පිරිසට ඊශ්‍රායල ජාතිකයෝ 13ක්, තායිලන්ත ජාතිකයෝ තුන්‍ දෙනෙක් සහ රුසියානු ජාතිකයෙක් ඇතුළත් වෙති.

ඊශ්‍රායල හමුදාව ඊයේ(26) සවස ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේ, හමාස් සංවිධානය විසින් මුදා හරින ලද රැඳවියන් 17 දෙනෙකුගෙන් යුත් තෙවැනි කණ්ඩායම තමන්ට ලැබුණු බවයි.  

පලස්තීන පුවත් ඒජන්සියේ ඊයේ(26) වාර්තාවලට අනුව, ඊශ්‍රායලය එදින රාත්‍රියේ පලස්තීන බාලවයස්කරුවන් 39 දෙනෙකු නිදහස් කර තිබේ.

හමාස් සංවිධානය ඊයේ(26) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ගාසා තීරයේ දීර්ඝ සටන් විරාමයකට හිලව් වශයෙන් තවත් රැඳවියන් නිදහස් කිරීමට තමන් දැඩි ලෙස සලකා බලමින් සිටින බවයි.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, පසුගිය 25 වැනිදා රාත්‍රියේ සිට Jordan ග‍ඟේ බටහිර ඉවුරේ බොහෝ ස්ථානවල ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් සමඟ ගැටුම් ඇතිකරගෙන තිබේ. ගැටුම්වලින් අවම වශයෙන් පලස්තීනුවෝ හත් දෙනෙක් මිය ගියහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම