පලස්තීන-ඊශ්‍රායල ගැටළුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ උසස් පෙළේ රැස්වීම චීන විදේශ ඇමතිගේ ප්‍රධානත්වයෙන්
2023-11-27 18:04:50
Share with:

චීනය එළඹෙන 29වැනි දා පලස්තීන-ඊශ්‍රායල ගැටළුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ උසස් පෙළේ රැස්වීම පවත්වයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ ය. චීනය, ආරක්ෂක මණ්ඩලයේ මෙම මාසයේ වාරික සභාපතීත්වය දරන රට ලෙස එම රැස්වීම පැවැත්වීමට නියමිත ව තිබේ. මේ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික හා විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකාවේ New York නුවරට ගොස් එම රැස්වීමේ මුලසුන දරනු ඇත.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා එහිදී පැවසුවේ මෙවර පලස්තීන-ඊශ්‍රායල ගැටුමෙන් සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් මිග ‍ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූ බවයි. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සුරැකීම සඳහා ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ වගකීම් ඉටු කරමින් ප්‍රශස්ත ප්‍රතිඵල සාක්ෂාත් කර ගත හැකි වෙතැයි චීනයේ අපේක්ෂාව බව ද Wang Wenbin මහතා කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම