මැලේසියාවට පැමිණෙන චීන පුරවැසියන් සඳහා දින 30ක නිදහස් වීසා
2023-11-27 11:46:29
Share with:

මැලේසියාව චීන පුරවැසියන් සඳහා දින 30ක නිදහස් වීසා ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කරයි.

එළඹෙන දෙසැම්බර් පළමු දා සිට මැලේසියාවට පැමිණෙන චීන පුරවැසියන් සඳහා එම නිදහස් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව මැලේසියානු අග්‍රාමාත්‍ය  Anwar Ibrahim මහතා ඊයේ (26) ප්‍රකාශ කළේ ය. ඒ අනුව චීන පුරවැසියෙකු මැලේසියාවට පැමිණ දින 30ක් ඇතුළත වීසා නොමැතිව එරට රැඳී සිටීමට අවසර ලැබේ.

2024 වසරේ මැලේසියාව චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර වසර 50ක් සම්පූර්ණ වනු ඇත. එම සුවිශේෂ අවස්ථාව සනිටුහන් කරමින් මෙම නව වීසා ප්‍රතිපත්තිය අනුගමනය කරන බව  Anwar Ibrahim මහතා සඳහන් කළේ ය. මැලේසියානු ජාතිකයන්ට දින 15ක් ඇතුළත වීසා නොමැතිව චීනයේ රැඳී සිටීමේ අවස්ථාව ලබා දෙන බව පසුගිය දා චීනය ප්‍රකාශ කළේය. චීනය නිකුත් කළ එම නව වීසා ප්‍රතිපත්තිය පිළිබඳව මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය ද පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම