මෙම වසරේ මුල් මාස දහය තුළ චීන දුම්රිය මගීවාර සංඛ්‍යාව බිලියන 3.3කට ආසන්න වෙයි
2023-11-27 11:11:03
Share with:

චීන දුම්රිය සමූහයේ නවතම දත්තවලට අනුව, මෙම වසරේ මුල් මාස දහය තුළ චීනයේ දුම්රිය මගීවාර සංඛ්‍යාව බිලියන 3.3කට ආසන්න වන අතර එය පසුගිය වසරේ එම කාලයේ දත්තවලට සාපේක්ෂව 119% ක වර්ධනයකි. මෙම දත්ත වාර්තාගත ඉහළ අගයක් ගෙන තිබේ.

ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා නව අධිවේගී දුම්රිය මාර්ග කිහිපයක් ක්‍රියාත්මක විය. නව අධිවේගී දුම්රිය මාර්ගවල මෙහෙයුම් දුර ප්‍රමාණය කිලෝමීටර් 1,200 ඉක්මවන අතර නව මාර්ග විවෘත කිරීම මගී ප්‍රවාහයේ වර්ධනයට සහාය වී ඇත. ජාතික දුම්රිය මාර්ග මගින් දිනකට සාමාන්‍ය වශයෙන් මගී දුම්රිය  9,655 ක් ක්‍රියාත්මක වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 47.8% ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම