ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2023 වසර තුළ ඩොලර් බිලියන 1.8 ක ආයෝජන රැස් කරයි
2023-11-27 17:25:52
Share with:

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුළ අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත් වෙයි. ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති මෙම වසර තුළ ගිවිසුම්ගත වූ ආයෝජකයින්ගේ ගැටලු විමසීම, ප්‍රගති සමාලෝචනය සහ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් පෙන්වීම විශේෂත්වයකි.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, හොංකොං, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය සහ සිංගප්පූරුව මේ වසරේ මෙම කාල සීමාව තුළ ආයෝජන ව්‍යාපෘති වලට සම්බන්ධ වී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම