චීනයේ කර්මාන්ත ව්‍යාපාරය තෙමසක් පුරා අඛණ්ඩව ධනාත්මක වර්ධනයක
2023-11-27 14:15:03
Share with:

චීනයේ කර්මාන්ත ව්‍යාපාරයන්හි ලාභය තෙමසක් අඛණ්ඩව ධනාත්මක වර්ධනයක පවතී.

චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය අද(27) නිකුත් කළ දත්තවලින් මේ බව පෙන්නුම් කෙරිණ.

මෙම වසරේ මුල් මාස 10 තුළ සමස්ත චීනයේ වාර්ෂික ප්‍රධාන ආදායම යුවාන් මිලියන 20 ක් හෝ ඊට වැඩි කර්මාන්ත ව්‍යාපාරවල ලාභය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 2.7%ක වර්ධනයත් අත් කරගැනීමට සමත් වී ඇත. චීනයේ කර්මාන්ත ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය අඛණ්ඩව වැඩිදියුණු වී ඇතැයි එම පාරිපාලනය පවසා තිබේ.

කාර්මික ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා, මීළඟ අදියරේදී රජයේ තීරණ හා විධිවිධාන තරයේ ක්‍රියාත්මක කරමින්, තාක්ෂණික නවෝත්පාදන සහ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී මූල්‍ය සම්පත්වල කාර්යභාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත යුතු බව චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයේ නිලධාරියෙක් පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම