ඊශ්‍රායලය හා Hamas සංවිධානය සාමය සඳහා දැරූ ප්‍රයත්න චීනයේ පැසසුමට
2023-11-27 18:03:09
Share with:

ඊශ්‍රායලය හා Hamas සංවිධානය සාමය සඳහා දැරූ ප්‍රයත්න චීනයේ පැසසුමට ලක් වෙයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.

ඔහු පවසන්නේ ඊශ්‍රායලය හා Hamas සංවිධානය තාවකාලික සටන් විරාම ගිවිසුමට එළඹීමෙන් පසු දෙපාර්ශ්වයන් යටතේ රඳවා ගෙන සිටි පුද්ගල කණ්ඩායම් 3ක් නිදහස් කර ඇති බවයි. මෙය සාමය කරා ගමන් කළ කුඩා ප්‍රයත්නයක් වුවද ප්‍රශංසා කළ යුතු ය. සටන් විරාම පෙළඹවීමට හා ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට දරන ඕනෑ ම ප්‍රයත්නයක් චීනය පිළිගනී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාල තීන්දු තීරණ අනුගමනය කරන ලෙස චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි. පොදු ප්‍රයත්න යටතේ තාවකාලික සටන් විරාම ගිවිසුම ප්‍රායෝගික ව ක්‍රියාවට නංවා එහි කාලය දීර්ඝ කරවන ලෙස චීනය ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම