චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සමුළුවක් ජනපති ප්‍රධානත්වයෙන්
2023-11-27 16:58:41
Share with:

“යැංසි ගඟ ආර්ථික තීරයේ උසස් තත්ත්වයේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳ අදහස්” සහ “චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ විදේශ කටයුතු පිළිබඳ රෙගුලාසි” සමාලෝචනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (27) සමුළුවක් පැවැත්වීය. චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එම සමුළුවේ මුලසුන දැරීය.

යැංසි ගඟ දිගේ පළාත්වල සහ නගරවල සෑම තරාතිරමකම පක්ෂ කමිටු සහ රජයන් ඔවුන්ගේ ප්‍රධාන වගකීම් ඵලදායි ලෙස ඉටු කළ යුතු බවත්, වැඩ ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කළ යුතු බවත්, අඛණ්ඩව නව ප්‍රගතියක් ලබා ගැනීම සඳහා යැංසි ගඟ ආර්ථික තීරයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත් සමුළුවේදී අවධාරණය කෙරිණ.

“චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ විදේශ කටයුතු පිළිබඳ රෙගුලාසි” විදේශ කටයුතුවලදී පක්ෂයේ නායකත්වය සඳහා විධිවිධාන සලසා දෙන අතර, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන බාහිර ප්‍රතිපත්ති සහ උපායමාර්ගික යෙදවීම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම ඉතා වැදගත් වන බව ‍සමුළුවේදී සඳහන් විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම