චීනයේ විදුලි මෝටර් රථ ශ්‍රී ලංකාවට
2023-11-27 17:29:24
Share with:

ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන චීන‍යේ BYD සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings පුද්ගලික සමූහය සමඟ අත්වැල් බැඳගනිමින් නවීන බලශක්ති මෝටර් රථ ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන බවට නිවේදනය කර ඇත.

ඊට අදාළ ගිවිසුම්වලට දෙපාර්ශ්වයේ ඉහළ නිලධාරීහු පසුගිය දා අත්සන් තැබූහ.

පසුගිය වසර 28 ක කාලයක් BYD සමාගම තාක්ෂණික නවෝත්පාදනයන් සහ පාරිසරික තිරසරභාවය වෙනුවෙන් නිරතුරුවම කැපවී ඇත. මෙම හවුල්කාරීත්වය හරහා ශ‍්‍රී ලංකාව තුළ උසස්, පරිසර හිතකාමී මෝටර් රථ හඳුන්වා දීමට හැකියාව ලැබෙන බව BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා පැවසීය.

මෙම සහයෝගිතාවය හරහා ශ‍්‍රී ලංකාවට උසස් මාදිලියේ බලශක්ති වාහන ලොව ප‍්‍රමුඛතම විදුලි බල තාක්ෂණයන් සමග අත්විඳීමට හැකි වනු ඇති බව ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම