රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනපති පවසයි
2023-11-26 15:41:30
Share with:

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මත තමන් එම අභියෝගය භාරගත් බව පැවසූ ජනාධිපතිවරයා එහිදී රටේ සියලු දේශපාලන පක්ෂ තමා වෙත ලබාදුන් සහයද කෘතවේදීව සිහිපත් කළේය.

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමග එක්වීම බවත්, ආණ්ඩුව සමග කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමග මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවේදීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම