හමාස් සංවිධානය හා ඊශ්‍රායලය තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කරයි
2023-11-26 17:00:19
Share with:

හමාස් සංවිධානය ඊයේ(25) ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු හා විදේශිකයින් හතර දෙනෙකු නිදහස් කළ බවත් ඔවුන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ  කමිටුවට භාර දුන්  බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය.

මේ අතර පලස්තීන රූපවාහිනී සේවය අද(26) වාර්තා කළේ, නිදහස් කරනු ලැබූ පලස්තීන ජාතිකයින් රැගත් බස් රථයක් ද අද අලුයම ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ පිහිටි ඊශ්‍රායලයේ ඔෆර් බන්ධනාගාරයෙන් පිටත් වූ බවයි. පලස්තීන ජාතිකයින් 39 දෙනෙකු එලෙස නිදහස් කර ඇති අතර ඔවුන්‍ගෙන් වැඩි පිරිසක් ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ හා නැගෙනහිර ජෙරුසෙලම ප්‍රදේශයේ ජීවත් වන වැසියන් බව සිරගතව සිටින පලස්තීන ජාතිකයින්ගේ කටයුතු පිළිබඳ කමිටුව සැපයූ නම් ලැයිස්තුවේ දැක්වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම