චීන-දකුණු කොරියානු විදේශ අමාත්‍යවරු අතර හමුවක්
2023-11-26 16:45:06
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා දකුණු කොරියානු විදේශ අමාත්‍ය Park Jin මහතා දකුණු කොරියාවේ Busan නගරයේදී හමුවිය. අද (26) චීන-ජපන්-දකුණු කොරියානු විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම් කාලය තුළ එම හමුව සිදුවිණ.

චීන-දකුණු කොරියානු සබඳතාව අඛණ්ඩව මිත්‍ර සහයෝගිතා මාවත ඔස්සේ සංවර්ධනය විය යුතු අතර, එය දෙපාර්ශ්වයටම වැදගත් වනු ඇති බව වං යී මහතා එහිදී පැවසීය. දකුණු කොරියාව සමග, අන්‍යෝන්‍ය හුවමාරුව, විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, බාහිර මැදිහත්වීම් ඉවත් කරමින්, උපායමාර්ගික හවුල්කාරීත්වය තහවුරු කර අඛණ්ඩව ඊට නව අර්ථකථනයක් එක් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා ප්‍රකාශ කර ඇත.

මෙම ද්විපාර්ශ්වික සබඳතාව දකුණු කොරියානු රජය වැදගත් කොට සලකන බව Park Jin මහතා එහිදී කියා‍ සිටියේය. එම උපායමාර්ගික හවුල්කාරීත්වය දෙරටට හා දෙරටේ ජනතාවට හිතකර වන අතර, එය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම දකුණු කොරි‍යාවේ පැහැදිලි ස්ථාවරයක් වන බව ද ඔහු අවධාරණය කළේය. ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීමත් සමග, නැගෙනහිර ආසියාවේ හා ලෝකයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා එක්ව කටයුතු කළ හැකි බව Park Jin මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම