ඉරාක-චීන වාණිජ කවුන්සිලය ස්ථාපිත කෙරේ.
2023-11-26 15:50:41
Share with:

ඉරාක-චීන වාණිජ කවුන්සිලය ස්ථාපිත කිරීමේ උත්සවය ඊයේ(25) ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ්හිදී පැවැත්විණ. ඉරාක වෙළෙඳ අමාත්‍ය Atheer Dawood Al-Ghurairi මහතා, දෙරටේ දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රවල හා ව්‍යාපාරික නියෝජිතයින් ද එම උත්සවයට සහභාගි වූහ.

ඉරාකයේ චීන ව්‍යවසායන්ගේ සංගමය හා ඉරාක-චීන වාණිජ කවුන්සිලයේ නියෝජිතයන් එහිදී වෙළඳ සහයෝගීතා ගිවිසුම්වලට අත්සන් කළහ. ඉරාක අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක Mazhar Mohammed Saleh මහතා ප්‍රකාශ කළේ චීනය ඉරාකයේ විශාලතම වෙළඳ හවුල්කරු බවයි. චීන ව්‍යවසායන් ඉරාකයේ යටිතල පහසුකම් සංවර්ධනයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. මෙම ඉරාක-චීන වාණිජ කවුන්සිලය දෙරටේ වෙළඳාම හා ආයෝජන සබඳතා සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘති හා වෙනත් පොදු ජයග්‍රහණ නිර්මාණය කිරීම සඳහා තවත් වැදගත් වේදිකාවක් වනු ඇති බවද හෙතෙම සඳහන් කර ඇත.     

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම