නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට
2023-11-26 15:55:17
Share with:

විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සකස් කළ නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමග ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවත්, එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම