අගමැති කාර්යාලයේ වියදම් 46%කින් අඩු කෙරේ
2023-11-26 15:51:19
Share with:

2023 ඔක්තෝබර් මාසය වනවිට 2022ට සාපේක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙසේ කාර්යක්ෂම මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යමින්, රටේ ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මිදීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සිය වගකීම් සම්භාරය තව තවත් පුළුල් කිරීමද විශේෂත්වයකි. අමාත්‍ය මණ්ඩලය මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පවරා ඇති අතිරේක කාර්යභාරයන්ද සාර්ථකව ඉටු කරමින් සිය සේවාවන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම උදෙසා, වියදම් සීමා කිරීම කිසිදු බාධාවක් වී නොමැති බව ද වාර්තා වේ.

මහා පරිමාණ ව්‍යාපෘති 262කට සම්බන්ධ ගැටළු නිරාකරණය උදෙසා ජාතික මෙහෙයුම් මැදිරිය සතිපතා ක්‍රියාත්මක කිරීම මෙන්ම, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය, ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය, තිරසාර බලශක්ති ප්‍රතිපත්තිය, අධ්‍යාපන උපායමාර්ග සහ ප්‍රතිපත්ති රාමු සැකසීම යන අතිරේක කාර්යයන් ඉටු කිරීම ද, අග්‍රාමාත්‍ය කාර්යාලය සාර්ථකව සිදු කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම