ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් පිළිබඳ අවධානය
2023-11-25 17:15:42
Share with:

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව  සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිශ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කාරක සභා රැස්වීමේදීය.

මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම් සහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සභාපති අනුර දිසානායක මහතා මෙම ප්‍රතිපත්ති රාමුව පිළිබඳ පැහැදිලි කිරීම සිදු කළේය. මේ අනුව ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සහ සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන පරිවර්තනයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම