ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය බැහැර කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධීක්ෂණයක අවශ්‍යතාව චීනය යළිත් අවධාරණය කරයි
2023-11-25 16:05:20
Share with:

ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත අපජලය සාගරයට මුදා හැරීමට එරෙහිව චීනය යළි සිය විරෝධය දක්වමින් විධිමත් ජාත්‍යන්තර අධීක්ෂණයකට සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස ජපානයෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම් සහ අදාළ රටවල දැඩි විරෝධය නොසලකා හරිමින් ජපානය අත්තනෝමතික ලෙස ෆුකුෂිමා අපජලය සාගරයට බැහැර කිරීමේ සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) චීනයේ නිත්‍ය නියෝජිත Li Song මහතා එම පාලක මණ්ඩලයේ රැස්වීමක දී මේ බව අනාවරණය ක‍ළේය.‍

මෙම අපජලය බැහැර කිරීම සමුද්‍රීය පරිසරයට මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට දිගුකාලීන බලපෑම් ඇති කිරීම වැළැක්වීම සඳහා ස්වාධීන, දිගුකාලීන මෙන්ම ඵලදායී ජාත්‍යන්තර අධීක්ෂණයක අවශ්‍යතාව දැඩිව පවතී. ඒ වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට සහ මෙම ප්‍රයත්නයන් වෙනුවෙන් ක්‍රියාකාරීව සම්බන්ධ වන ඕනෑම පාර්ශ්වයකට සහාය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Li Song මහතා එහිදී පෙන්වා දී ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම