IMF දෙවන වාරිකය ලබන මාසයේදී
2023-11-25 17:14:21
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට ඇති දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම