චීන-ප්‍රංශ උසස් පෙළේ මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රමවේදයේ හය වන රැස්වීම පැවැත්වේ
2023-11-25 16:36:04
Share with:

චීන-ප්‍රංශ උසස් පෙළේ මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රමවේදයේ හය වන රැස්වීම ඊයේ(24) බෙයිජිංහිදී පැවැත්විණ. චීන පාර්ශ්වයේ ප්‍රධානී, චීන විදේශ අමාත්‍ය වං යී මහතා හා ප්‍රංශ පාර්ශ්වයේ ප්‍රධානී, ප්‍රංශ විදේශ ඇමතිනි Catherine Colonna මහත්මිය ඒකාබද්ධව එම රැස්වීමේ මුලසුන දැරූහ. දෙරටේ නායකයින්ගේ වැදගත් එකඟතාවන් මනා ලෙස ක්‍රියාවට නංවමින් චීන ප්‍රංශ සම්බන්ධතාවය පිහිටුවීමේ හැටවන සංවත්සරය හා ‘සංස්කෘතික සංචාරක වසරේ ක්‍රියාකාරකම’ මගින් දෙරටේ මානව හා සංස්කෘතික හුවමාරු මෙන්ම වැඩි ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබේ.

මේ සඳහා වං යී මහතා යෝජනාවලියක් ඉදිරිපත් කළේය. වැදගත් ක්‍රියාකාරකම් මනා ලෙස සංවිධාන කරමින් මානව හුවමාරු පුළුල් කරමින් අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කළ යුතු ය. මේ අතර නවෝත්පාදනය අංශයේ ද සහයෝගිතා වර්ධනය කළ යුතු බව ද ඔහු කියාසිටියේය.

ප්‍රංශ ජාතිකයින්ට චීනයට පැමිණීම සඳහා වීසා පහසුකම් ලබා දීම වෙනුවෙන් චීනයට ස්තුතිය පුද කරන බව ප්‍රංශ විදේශ ඇමතිනිය එහිදී කියා සිටියාය. චීනය සමග මානව හා සංස්කෘතික හුවමාරු, ප්‍රමුඛ කාර්යය ලෙස සලකමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීමට ප්‍රංශය කටයුතු කරන බව ද ඇය සඳහන් කර ඇත.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම