ගෝලීය මට්ටමේ නායකයෙකු වශයෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මුලපිරුම් හා එහි භාවිතය ගෝලීය වශයෙන් ඉතා වැදගත්--උරුගුවේ ජනපති
2023-11-25 19:12:15
Share with:

දකුණු ඇමරිකානු මහාද්වීපයේ අග්නිදිග කලාපයේ පිහිටි උරුගුවේ රාජ්‍යය වසර 1988 දී චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ආරම්භ කළේය. 2023 වසරට ‍එම සම්බන්ධතාවය පිහිටුවීමේ 35වැනි සංවත්සරය යෙදී තිබේ. මේ නිමිත්තෙන් උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා  චීනයේ නිල සංචාරයක නිරත විය. ඒ අතරතුර ඔහු විශේෂයෙන්ම චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වී තිබිණ.

උරුගුවේ රාජ්‍යය චීනයේ හොඳම උපායමාර්ගික හවුල්කරුවෙකු වන බව Luis Lacalle Pou ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ඉහළ ගුණාත්මක භාණ්ඩ හා ආරක්ෂිත ආහාර පිළිබඳ ස්ථාවර සැපයුමක් චීනය සොයමින් සිටියදී, උරුගුවේ රාජ්‍යයට ම එවැනි සහතිකයක් ලබා දිය හැකි විය. චීනය හා උරුගුවේ රාජ්‍ය අතර කැපී පෙනෙන අනුපූරකත්වයක් පවතින බව චීනයට අපනයනය කරන භාණ්ඩ හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ කෙරෙහි නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වනු ඇති බව උරුගුවේ ජනාධිපතිවරයා පැහැදිලි කළේය. චීන රජය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. මෙහිදී චීනය සමග සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පවතින අවස්ථා පිළිබඳව විමසා බැලීමට උරුගුවේ රාජ්‍යය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කර මේ වන විට වසර 10ක් ගත වී ඇත. උරුගුවේ රාජ්‍යය පළමු වටයේදීම එම වැඩපි‍ළිවෙළට එක් වූ රටවල්වලින් එකකි. එමගින් උරුගුවේ රාජ්‍යයට ගෙන දුන් ඵලදායී ප්‍රතිලාභ පිළිබඳව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළින්, රටේ අපනයනය මෙන්ම දෙරටේ වාණිජ ක්ෂේත්‍ර හා දේශපාලන ක්ෂේත්‍ර අතර සම්බන්ධතාවයට ද ඉතා සක්‍රිය බලපෑම් එල්ල විය. දෙරට අතර යම් වෙනස්කම් පැවතිය ද පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසයක් සහිත සහයෝගී සම්බන්ධතාවයක් නිර්මාණය වී තිබෙන බව ද Luis Lacalle Pou ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක මුලපිරුම පිළිබඳව ද ඔහු විශේෂයෙන් අගය කළේය. ෂී ජින්පිං මහතා එම මුලපිරුම ඉදිරිපත් කිරීමේ මූලික අභිප්‍රාය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු පැවසීය. ගෝලීය මට්ටමේ නායකයෙකු වශයෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මුලපිරුම් හා එහි භාවිතය ගෝලීය වශයෙන් ඉතා වැදගත් බව ද උරුගුවේ ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම