AUKUS න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම ඔස්සේ ඇති වන අවදානම් පිළිබඳ චීන නියෝජිතයාගෙන් පැහැදිලි කිරීමක්
2023-11-25 15:33:51
Share with:

AUKUS න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම මගින් නිර්මාණය වී තිබෙන ව්‍යාප්ත වීමේ අවදානම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙහි (IAEA) අන්තර් රාජ්‍ය සාකච්ඡා සඳහා චීන නියෝජිතයෙකු ඊයේ (24) කැඳවා තිබුණි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙහි චීනයේ නිත්‍ය නියෝජිත Li Song මහතා එම පාලක මණ්ඩල රැස්වීමේදී AUKUS සහයෝගීතාවය සමස්ත ලෝකයේ සහ ආසියා-පැසිෆික් කලාපයේ ආරක්ෂාවට බරපතල බලපෑමක් ඇති කරන බව අවධාරණය කර ඇත.

මෙවැනි සහයෝගීතාවයක් න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුමෙහි අරමුණවලට පටහැනි වන අතර එය සාමාන්‍ය ද්විත්ව ප්‍රමිතියේ ක්‍රියාවක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය. දේශපාලන, ආරක්‍ෂක, නෛතික සහ තාක්‍ෂණික වශයෙන් ගැටලු පවතින AUKUS ගිවිසුම වැදගත් පණිවිඩයක් ලබා දෙන අතර IAEA ආරක්ෂණ පද්ධතිය සහ ඊට අදාළ ආරක්ෂණ භාවිතයන් වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම