චීන-ප්‍රංශ විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2023-11-25 17:14:17
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා සහ ප්‍රංශ විදේශ අමාත්‍ය Catherine Colonna මහත්මිය අතර ඊයේ (24) බෙයිජිං හිදී සාකච්ඡාවක් පැවැත්විණ.

ඓතිහාසික නව ඇරඹුමක සිටින අවස්ථාවක, ප්‍රංශය සමග සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යන චීනය අනාගතය උදෙසා චීන-ප්‍රංශ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව වඩා ශක්තිමත්ව හා විචිත්‍රවත් ලෙස ගොඩනගා ගනිමින් සිටී. එමෙන්ම චීන-ප්‍රංශ සහයෝගීතාවයට ප්‍රමුඛස්ථානයක් ලබා දීමට අපේක්ෂා කරන බව ද වං යී මහතා පැවසීය.

ප්‍රංශය යුරෝපා සංගමයේ විශාල රටකි. චීන-යුරෝපා සබඳතාවේ විධිමත් හා ස්ථිර සංවර්ධනයට අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ප්‍රංශය ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බව වං යී මහතා එහිදී අවධාරණය කළේය.

ප්‍රංශය එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය ස්ථිර ව අනුගමනය කරයි.  ලබන වසරට යෙදෙන ප්‍රංශ-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වන සංවත්සරය වෙනුවෙන් ආර්ථික, වෙළෙඳ, විද්‍යා හා තාක්ෂණ, කෘෂිකර්මය, සංචාරක, ගුවන් සේවා හා අභ්‍යවකාශ, කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තහවුරු කිරීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බවද Catherine Colonna මහත්මිය එහිදී ප්‍රකාශ කර ඇත.

  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම