චීනය පිළිබඳ කරුණුවලදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට දකුණු කොරියාවට හා බ්‍රිතාන්‍යයට චීනයෙන් ඉල්ලීමක්
2023-11-24 18:47:56
Share with:

චීනය පිළිබඳ වැදගත් කරුණුවලදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට චීනය දකුණු කොරියාවෙන් හා බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටී.

පසුගිය 22 වැනිදා දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol සහ බ්‍රිතාන්‍ය අගමැති Rishi Sunak තායිවාන ප්‍රශ්නය කෙරෙහි දෙරටේ ස්ථාවර වෙනස් නොවන බව ප්‍රකාශ කරමින් Downing Street ගිවිසුමට අත්සන් කළහ. දෙපාර්ශ්වය එහිදී “සාගර යාත්‍රා සහ පියාසර කිරීමේ නිදහස” පිළිබඳ එකඟතාව යළිත් අවධාරණය කර ඇත. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වූවාය.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, සියලු බාහිර මැදිහත්වීම් සඳහා චීනය කිසිවිටෙක අවසර ලබා නොදෙන බව ඇය අවධාරණය කළාය. දකුණු චීන මුහුද සහ නැගෙනහිර චීන මුහුද පිළිබඳ ප්‍රශ්නයේදී දකුණු කොරියාව සහ බ්‍රිතාන්‍යය ඊට කිසිසේත් අදාළ පාර්ශ්වයන් නොවන බව ද Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම