චීන අගමැති හා උරුගුවේ ජනපති අතර හමුවක්
2023-11-24 10:43:05
Share with:

නොවැම්බර් 23 වැනිදා චීන අගමැති Li Qiang මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා මහජන මහා ශාලාවේදී හමුවිය.

චීන-උරුගුවේ සබඳතා අඛණ්ඩව ප්‍රවර්ධනය කරමින් නව ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා උත්සාහ දරන්නට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා පැවසීය. දෙපාර්ශ්වයම “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන අත්සන් කිරීම මත පදනම්ව ද්විපාර්ශ්වික වෙළඳාම අඛණ්ඩව වැඩිදියුණු කළ යුතුය. පිරිසිදු බලශක්තිය, සන්නිවේදනය, තාක්ෂණික නවෝත්පාදන, මූල්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර සංස්කෘතික, සංචාරක හා අධ්‍යාපන වැනි ක්ෂේත්‍රවල මානව හුවමාරුව පුළුල් කළ යුතු බව ද Li Qiang මහතා එහිදී සඳහන් කළේය.

උරුගුවේ සහ චීනය විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීමෙන් දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කර ඇති බව Lacalle මහතා පැවසීය. චීනය සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කරමින් හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කර ද්විපාර්ශ්වික සබඳතාවන්හි අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට උරුගුවේ කැමැත්තෙන් සිටින බව Lacalle මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම