චීන ජනපතිගේ “Xi Jinping: The Governace of China” කෘතියේ සිව්වැනි වෙළුම නේපාලයේ දී එළිදැක්වේ
2023-11-24 11:09:52
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පාලනය පිළිබඳ “Xi Jinping: The Governace of China” කෘතියේ සිව්වැනි වෙළුමේ ඉංග්‍රීසි සංස්කරණය නේපාලයේ දී එළිදැක්වේ.

නේපාලනයේ හිටපු අග්‍රාමාත්‍ය Jhala Nath Khanal මහතා ඊයේ (23) කත්මණ්ඩු නුවර පැවති එම කෘතිය පිළිබඳ ප්‍රචාරක රැස්වීමට සහභාගි විය.

හෙතෙම එම රැස්වීම අමතමින් පැවසුවේ, "Xi Jinping: The Governance of China" ග්‍රන්ථය කියවීමෙන් චීනය ශීඝ්‍ර සංවර්ධනය සාක්ෂාත් කරගත් ආකාරය අවබෝධ කරගත හැකි බවයි.

එම කෘතියේ සිව්වැනි වෙළුමේ ඉංග්‍රීසි පිටපත නේපාලයේ එළිදැක්වීම මගින්, නේපාලයේ සෑම තරාතිරමකම පුද්ගලයන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගැනීමට අවස්ථාවක් ලැබී ඇතැයි නේපාලයේ චීන තානාපති Chen Song මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම