චීන උප අග්‍රාමාත්‍යවරයා කසකස්ථානයේ සහ ටර්කිමෙනිස්ථානයේ සංචාරයකට සූදානම්
2023-11-24 19:06:24
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික හා චීන උප අගමැති ඩිං ශුයිෂියාන්ග් මහතා කසකස්ථානයේ සහ ටර්කිමෙනිස්ථානයේ සංචාරය කරනු ඇත.

කසකස්ථානයේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Roman Sklyar මහතා සහ ටර්කිමෙනිස්ථානයේ නියෝජ්‍ය අගමැති හා විදේශ අමාත්‍ය Raşit Meredow මහතාගේ ආරාධනයෙන්, එළඹෙන 26 සිට 30 දක්වා හෙතෙම එම සංචාරයට එක් වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රකාශ කර ඇත.

එම සංචාරයේදී චීන-කසකස්ථාන සහයෝගිතා කමිටුවේ 11 වන රැස්වීම සහ චීන-ටර්කිමෙනිස්ථාන සහයෝගිතා කමිටුවේ 6 වන රැස්වීම ද පැවැත්වීමට නියමිත බව ද ප්‍රකාශ කෙරිණ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම