ඉඩම් හිමිකම සින්නක්කරව ජනතාවට ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනාවක්
2023-11-24 15:43:53
Share with:

ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඉඩම් හිමිකම සින්නක්කර ලෙස ජනතාවට ලබාදීම මගින් ඔවුන්ට ස්වාධීන ආර්ථික ක්‍රියාවලියක නියැලීම සඳහා අවස්ථාව හිමිවෙන බවත් එබැවින් එය අනාගත ආර්ථිකය වෙනුවෙන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම