චීනය අධ්‍යයනය පිළිබඳ ලෝක සමුළුව - ශැංහයි සංසදය”වෙත චීන ජනපති ගෙන් සුබපැතුම්
2023-11-24 11:43:55
Share with:

“චීනය අධ්‍යයනය පිළිබඳ ලෝක සමුළුව - ශැංහයි සංසදය”වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් ලිපියක් යොමු කරයි.

හෙතෙම අද (24) ශැංහයි නුවරදී ආරම්භ වූ එම සමුළුවට සුබපැතුම් ලිපිය යොමු කර තිබේ. ගෝලීය දැක්මෙහි චීන ශිෂ්ටාචාරය හා චීන මාවත “චීනය අධ්‍යයනය පිළිබඳ ලෝක සමුළුව - ශැංහයි සංසදයේ”ප්‍රධාන ‍තේමාව ය.

චීන අධ්‍යයනය ඉතිහාසය පමණක් නොව නවීනත්වය ද සමග සම්බන්ධ වන බව ෂී ජින් පිං මහතා සිය සුබපැතුම් ලිපියෙන් පෙන්වා දෙයි. චීන ශිෂ්ටාචාරයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. විවිධ ඓතිහාසික වකවානු තුළ ලෝකයේ සෙසු ශිෂ්ටාචාරයන් හා හුවමාරු වීමෙන් චීන ශිෂ්ටාචාරය අද වන විට නවීනත්වයට සරිලන අයුරින් වඩාත් පෝෂණය වී ඇතැයි ෂී ජින් පිං මහතා කියා සිටී. විවිධ රටවල වියතුන් චීන අධ්‍යයනය අඛණ්ඩව ගැඹුරට ගෙන යමින් විවිධ ශිෂ්ටාචාර අතර පවතින හුවමාරු වෙනුවෙන් වඩාත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපො‍රොත්තු වන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම