හමාස් - ඊශ්‍රායල් සටන් විරාමය ක්‍රියාත්මකයි
2023-11-24 14:45:37
Share with:

හමාස් - ඊශ්‍රායල් සටන් විරාමය ක්‍රියාත්මක කෙරේ. ගාසා තීරයේ ප්‍රථම තාවකාලික මානුෂවාදී සටන් විරාම ගිවිසුම එහි වේලාවෙන් සිකුරාදා පෙරවරු 7 සිට ක්‍රියාත්මක තත්ත්වයට පත්විය.ඒ අනුව ගාසා තීරයට ඉහළ අහසේ ඊශ්‍රායල ගුවන් යානා පියාසර කිරීමක් දක්නට නොලැ‍බෙන බව ගාසා වාර්තා පවසයි.එහි වේලාවෙන් පසුවරු 4‍ට ඊශ්‍රායාල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කිරීමට ද නියමිතව තිබේ.කටාරයේ හා ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය මෙම සටන් විරාම ගිවිසුමට එළඹිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම