චීන-සිංගප්පූරු විදේශ අමාත්‍යවරුන් දුරකථන සංවාදයක
2023-11-23 10:12:28
Share with:

චීන-සිංගප්පූරු විදේශ අමාත්‍යවරු දුරකථන සංවාදයක නිරත වෙති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා ඇරයුමකට අනුව සිංගප්පූරු විදේශ අමාත්‍ය Vivian Balakrishnan මහතා සමග ඊයේ(22) දුරකථන සංවාදයක නිරත විය.

වං යී මහතා එහිදී සඳහන් කළේ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව, චීන-සිංගප්පූරු සබඳතාව පූර්ණ, අධිගුණාත්මක හවුල්කාරීත්වය දක්වා ඉහළ නංවා ඇති බවයි. සිංගප්පූරුව සමග එක්ව, දෙරටේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීම යළි සිදු කිරීමට පහසුකම් සැපයීමට චීනය සූදානම් ය. දෙරට, චීන-සිංගප්පූරු ද්විපාර්ශ්වික සහයෝගිතා ක්‍රමවේදය මනා ලෙස යොදා ගනිමින් සහයෝගිතා පැවැත්වීමේදී වැඩි ප්‍රගතියක් ලබා ගැනීම තහවුරු කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

සිංගප්පූරු-චීන සබඳතාව සමීපත්වයේ පවතින බව සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා පැවසීය. දෙරටේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීමට පසහුකම් ලබා දෙමින් දෙරට අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම සිංගප්පූරුවේ අපේක්ෂාව ය. චීන-ඇමරිකා රාජ්‍ය නායකයන් San Francisco හි පැවති හමුවේ සාර්ථකත්වයට සුබ පැතූ Vivian Balakrishnan මහතා තම රට හා ආසියන් සංගමයේ විවිධ රටවල් එය ඉහළින් අගය කරන බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම