චීන ජනපතිගේ මානව හිමිකම් පිළිබඳ රචනාවලින් යුත් ග්‍රන්ථය චීන හා ස්පාඤ්ඤ ද්විත්ව භාෂා සංස්කරණයෙන් නිකුත් කෙරේ
2023-11-23 16:18:11
Share with:

‘මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ රචනාවලින් උපුටා ගැනීම්’ ග්‍රන්ථයේ චීන හා ස්පාඤ්ඤ ද්විත්ව භාෂා සංස්කරණය නිකුත් කෙරේ.

එම ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය හා ‘ගෝලීය පාලනය පිළිබඳ මානව බුද්ධිමත්භාවය’ මැයෙන් යුතු සංසදය ඊයේ(22) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරදී පැවැත්විණ. ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂ සභාපති José Luis Centella  මහතා, ස්පාඤ්ඤයේ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය ජූ ෂුන් මහතා ඇතුළු පිරිස එම ක්‍රියාකාරකමට එක්වූහ.

චීනය ග්‍රාමීය ප්‍රදේශ හා රටේ අවම සංවර්ධන ප්‍රදේශවලට ප්‍රමුඛ අවධානයක් ලබා දෙමින් බොහෝ ජනතාවට දිළිඳුකමෙන් මුදවා පොහොසත් ජීවිතයක් ලබා දී ඇති බව José Luis Centella මහතා එහිදී සඳහන් කළේය.

‘මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ රචනාවලින් උපුටා ගැනීම්’,  ග්‍රන්ථය සාරවත් අන්තර්ගතයක් සහිත ගැඹුරු චින්තනයකින් යුත් ග්‍රන්ථයක් බවත් මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳ චීනයේ සංකල්පය හා භාවිතයන් එමගින් ලෝකයට නිරූපනය කර ඇති බවත් ස්පාඤ්ඤයේ Catedra China ආයතනයේ කළමනාකාරිනි Marta Montoro මහත්මිය පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම