චීන අගමැතිවරයා G20 නායකයින්ගේ වීඩියෝ සමුළුව අමතයි
2023-11-23 09:58:33
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊයේ(22) රාත්‍රියේ බෙයිජිංහිදී G20 නායකයින්ගේ වීඩියෝ සමුළුවට එක් වෙමින් දේශනයක් සිදු කළේය.

G20 නායකයන්ගේ New Delhi ප්‍රකාශනය ඔස්සේ එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීම හා ගෝලීය අර්බුදයට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේ යුගයේ හඬ මතු කර ඇති බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. ලෝකයේ හා කලාපීය ප්‍රබල රටවල් වන G20 කණ්ඩා‍යමේ සාමාජික රටවල් ප්‍රබල රටවල වගකීම භාර ගනිමින් සෙසු රටවල් වෙනුවෙන් ආදර්ශයක් විය යුතු ය.

සංවර්ධනයට ප්‍රමුඛ ස්ථානය ලබා දීම අනුගමනය කරමින් බලවත් බව, තිරසර බව, සමබර බව හා වෙනස්කම් පිළිගැනීම සහිත ලෝක ආර්ථික වර්ධනය සාක්ෂාත් කිරීම කඩිනම් කළ යුතු ය. සංවර්ධන ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම හා ආරක්ෂණය කිරීමට එ‍රෙහිව විරෝධය කරන බව ලී ච්‍යං මහතා කීය.

මෑතකදී චීනය 3වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය හා 6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව පවතවමින් සරු සහයෝගිතා ප්‍රතිඵල ලබා ගෙන තිබේ. ප්‍රායෝගික ක්‍රියාවන් ඔස්සේ උසස් මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම හා ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ චීනයේ ස්ථීර අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වන බව ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේය. විවිධ පාර්ශ්ව සමග විවෘත භාවය හා වෙනස්කම් පිළිගැනීමෙන් යුතුව අත්වැල් බැඳ ගෙන ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය හා ගෝලීය සංවර්ධන සමෘද්ධිය වෙනුවෙන් වඩාත් විශාල දායකත්වයන් දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

G20 කණ්ඩායමේ සාමාජික රටවල නායකයන්, ආරාධිත රටවල නායකයන් හා අදාළ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහූ එම සමුළුවට එක් වූහ.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම