ගංගා රැසක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළට
2023-11-23 18:35:47
Share with:

පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ(22) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම ඉහළයමින් පවතින බවයි.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වාන් මට්ටමේ පවතින බැවින් ස්වයංක්‍රීය වාන් දොරටු විවෘතවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මහජනයාගෙන් ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරය හා ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් වික්ටෝරියා හා පොල්ගොල්ල ජලාශ මේ වන විට වාන් මට්ටමේ පවතින බව වාර්තා වේ.

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය ඊයේ (22) දින මධ්‍යම රාත්‍රියේ සිට වාන් දැමීම ආරම්භ වී ඇත. වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමීම ආරම්භ වී ඇති බවත්, එම ජලාශයේ එක් දොරටුවකින් අගල් 2 ½  බැගින් ගේට්ටු 13 කින් ජලය වාන් දමන බව එහි ඉංජිනේරුවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම