වෙනස්වන භූ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට හැකි උපායමාර්ගික සැලැස්මක වැදගත්කම ජනපති අවධාරණය කරයි
2023-11-23 18:34:30
Share with:

ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතෙකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එය ගෝලීය වශයෙන් සිදුවන කැළඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පිටුවහලක් වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක ක්ෂේත්‍රයේ පැතිරී පවතින පුළුල් පරාසය හඳුනා ගනිමින් සාමාන්‍ය ජනතාව හා රජයේ නිලධාරීන් සඳහා ද කෙටි කාලීන පාඨමාලා පැවැත්වීමේ වැදගත්කම පෙන්වාදුන් අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පුළුල් ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් සකස් කළ යුතු බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (21) පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය අමතමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම