පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය පිළිබඳ BRICS නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවේදී චීන ජනාධිපතිවරයා කළ දේශනය ජාත්‍යන්තර ප්‍රජාවේ ඉහළ ඇගයීමට
2023-11-23 11:02:48
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 21වැනිදා රාත්‍රී බෙයිජිං නගරයේ සිට පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ BRICS රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. “සටන් විරාමයකට ප්‍රවේශ වෙමින් ස්ථීර සාමය හා සුරක්ෂිතභාවය සාක්ෂාත් කිරීම”  ෂී ජින් පිං මහතාගේ දේශනයේ තේමාව විය.

ෂී ජින් පිං මහතාගේ එම වැදගත් දේශනය මගින්, සාම සාකච්ඡා සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමේ මෙන්ම, සටන් විරාමය සහ යුද්ධය නැවැත්වීම ප්‍රවර්ධනය කිරීමේ දී, විශාල රටක් ලෙස චීනයේ වගකීම, වෛෂයික සහ සාධාරණ ස්ථාවරය, එමගින් පෙන්නුම් කෙරෙන බව, බොහෝ රටවල පුද්ගලයෝ පවසති. මෙමගින් BRICS රටවලට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සම්මුතියක් ගොඩනගා ගැනීමට උපකාරී වනු ඇති අතර, පලස්තීන ප්‍රශ්නයට කඩිනම් පරිපූර්ණ, යුක්ති සහගත සහ කල්පවත්නා විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි, ඔවුහූ සඳහන් කළහ.

ජාත්‍යන්තර ගැටලු පිළිබඳ සෞදි විශේෂඥයන් පෙන්වා දුන්නේ, පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ සාධාරණ ස්ථාවරය, ජාත්‍යන්තර ප්‍රජාවේ ඉහළ පිළිගැනීමට ලක්ව ඇති අතර, එය විශාල රටක් ලෙස එහි වගකීම පෙන්නුම් කෙරෙන බවයි.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ රුසියානු කවුන්සිලයේ විශේෂඥයෙකු පෙන්වා දුන්නේ, ෂී ජින් පිං මහතාගේ සටන් විරාමය සහ යුද්ධය නැවැත්වීම පිළිබඳ යෝජනාව, පලස්තීන-ඊශ්‍රායල් ගැටුම විසඳීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම