පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය ලබන සතියේ බෙයිජිංහිදී
2023-11-23 17:04:32
Share with:

චීනය සෑමවිටම නිෂ්පාදන හා සැපයුම් දාමයේ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ප්‍රායෝගිකව කටයුතු කරමින් සිටී.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(23) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය ලබන සතියේ බෙයිජිං නගරයේදී පැවැත්වීමට නියමිතය. ගෝලීය කාර්මික සහ සැපයුම් දාම සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එම ප්‍රදර්ශනයේදී අවධානය යොමු කෙරෙනු ඇත. එම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට Mao Ning මහත්මිය පිළිතුරු දුන්නාය.

ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය සහ නිසි අයුරින් පවත්වා ගැනීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන චීනය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇය සඳහන් කළාය. ඉහළ මට්ටමේ විවෘතභාවය අනුගමනය කරමින් චීනය ඒ ඒ රටවල් සමග සුරක්ෂිත, ස්ථාවර, විධිමත්, කාර්යක්ෂම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාම පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කරන බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම