ආර්ථික අර්බුදය විසඳීමට දිගුකාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි
2023-11-23 18:33:27
Share with:

මෙරට පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නොමැති බවත් ඒ සඳහා දිගුකාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යායුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

සුබසාධන රාජ්‍යයක් ලෙස රට තවදුරටත් පවත්වාගෙන යාමට නම් බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට කොටු කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම