ජපානය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම පිළිබඳ දිගුකාලීන අධීක්ෂණ වැඩපිළිවෙළක් ගොඩනැගීම ජගත් ප්‍රජාවේ දැඩි අවශ්‍යතාවයක්- චීනය
2023-11-23 17:42:08
Share with:

ජපානය වැඩි වැඩියෙන් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමත් සමග, ඒ සඳහා විධිමත් අධීක්ෂණ වැඩපිළිවෙළක් ගොඩනැගීම ජාත්‍යන්තර ප්‍රජාවේ ‍කඩිනම් ඉල්ලීමක් බවට පත්ව ඇතැයි චීනය ප්‍රකාශ කරයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඒ බව පැවසුවේ අද (23) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී. ජාත්‍යන්තර ප්‍රජාවේ අවශ්‍යතාව කෙරෙහි ජපානය නිසි ප්‍රතිචාරයක් ලබා දිය යුතු අතර, වගකීමෙන් යුතුව එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතු බව ඇය අවධාරණය කළාය. අතිශය හානිකර ප්‍රතිඵල ඇති වීම වැළැක්වීම සඳහා, අසල්වැසි රටවල් ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වය සහිත දිගුකාලීන ජාත්‍යන්තර අධීක්ෂණ වැඩපිළිවෙළක් ඇති කිරීමට සහයෝගය දක්වන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය..

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම