ඇමරිකාව ඉරාකයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කරන බවට ඉරාකයෙන් චෝදනා
2023-11-23 11:13:45
Share with:

ඇමරිකාව ඉරාකයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කරන බවට ඉරාකය ඇමරිකාවට ‍චෝදනා කරයි.

ඉරාක නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, විදේශ අමාත්‍ය Fuad Hussein මහතා ඊයේ (22) එරට ඇමරිකානු තානාපතිනි Alina L. Romanowski මහත්මිය හමු විය. ඉරාක රජයේ අනුදැනුමකින් තොරව ඇමරිකා හමුදා ඉරාකයේ Julfsehr කෝරළයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව එහිදී Fuad Hussein මහතා ඇමරිකානු තානාපතිනියට සිය අප්‍රසාදය පළ කළේ ය. එම ප්‍රහාර ඇමරිකාව ඉරාකයේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කළ ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඊයේ අලුයම ඇමරිකා හමුදා ඉරාකයේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ. Baghdad නුවරට නිරිත දෙසින් ඉරාකයේ ෂියා සන්නද්ධකරුවන්ගේ මූලස්ථානයකට ඇමරිකාව ගුවන් ප්‍රහාරයක් සිදු කිරීමෙන් 8 දෙනකු මිය ගොස් 4 දෙනෙකු තුවාල ලැබූ බව ෂියා සන්නද්ධ සංවිධානය ඊයේ නිවේදනය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම