සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින් ආර්ජන්ටිනා නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි
2023-11-23 18:56:15
Share with:

සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින් ආර්ජන්ටිනා නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බව චීනය  ප්‍රකාශ කරයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(23) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළාය. ආර්ජන්ටිනා නව ජනාධිපති ජේවියර් මිලෙයි මහතා Twitter පණිවුඩයක් නිකුත් කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයට ස්තූතිය පළ කර ඇත. එමෙන්ම ෂී ජින් පිං මහතා හා චීන ජනතාව වෙත සිය අවංක සුබ පැතුම් ද පිරිනමා ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට Mao Ning මහත්මිය පිළිතුරු දුන්නාය.

ආර්ජන්ටිනාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගතවූ වසර 50කට වැඩි කාලය තුළ, දෙරට සෑම විටම අන්‍යෝන්‍ය ගරුත්වය, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණ ලබා ගැනීම යන ආකල්පයන් මත කටයුතු කරමින් සිටිති. දෙරටේ ජනතාව අතර ඇති ශක්තිමත් බැඳීම සහ දෙරටේ මිත්‍රත්වය ඉදිරියට ගෙන යාම ඒ ඒ ක්ෂේත්‍රවල පොදු එකඟතාවක් වූ බවද ඇය සඳහන් කළාය. 

දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභයන් හිමිවන පරිදි චීන-ආර්ජන්ටිනා අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බවද Mao Ning මහත්මිය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම