"ද්වි-රාජ්‍ය විසඳුම" පිළිබඳ දේශපාලන අපේක්ෂාව පුනර්ජීවනය ප්‍රවර්ධනය කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී
2023-11-23 11:02:01
Share with:

22 වැනිදා පලස්තීන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේදී, "ද්වි-රාජ්‍ය විසඳුම" පිළිබඳ දේශපාලන අපේක්ෂාව පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා මුළු ශක්තියෙන් උත්සාහ දරන ලෙස එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ය.

වත්මන් තත්ත්වය සඳහා ඕනෑම විසඳුමක් "ද්වි-රාජ්‍ය විසඳුමෙන්" බැහැර නොවිය යුතු බවත් කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට හිතකර විය යුතු බවත් Zhang Jun මහතා පැවසීය. ජාත්‍යන්තර සම්මුතිය ගොඩනැගීම සහ සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළ යුතු ය.

වහාම සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව උත්සාහයන් වැඩි කළ යුතු බවත් සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව මුළු ශක්තියෙන් සහතික කළ යුතු බවත් Zhang Jun මහතා පැවසීය.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාමය සඳහා චීනය අඛණ්ඩව උත්සාහය දරමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය. සටන් විරාමය ප්‍රවර්ධනය කර කල්පවත්නා සාමය ඇති කර ගැනීම පිළිබඳ චීනයේ ස්ථාවරය හා යෝජනා චීන රාජ්‍ය නායකයා පැහැදිලි කර ඇති අතර වත්මන් තත්ත්වය ලිහිල් කිරීම සහ ගැටලුව මූලික වශයෙන් විසඳීම සඳහා දිශාව පෙන්වා දී තිබෙන බව Zhang Jun මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම